VOICE Referendum is tomorrow. …

, , Leave a comment

VOICE Referendum is tomorrow. Is it a Yes?

Aboriginal and Indigenous communities රාශියක් රට පුරා විසිරී සිටී. ඔවුන් අතර අතිශයින් පීඩිත ජනතාව තවමත් සිටීම ඉතා බරපතල වරදකි. ඔවුන් හට බොහෝ උපකාර අවශ්‍ය නමුත් එම උපකාර තවමත් නොලැබීම පිලිබදව අප සියලු දෙනා ලැජ්ජා විය යුතුය.

එක් කුඩා මධ්‍යගත අමාත්‍යාංශයකට පමණක් මේ විසිරුණු කණ්ඩායම් වල යහපතට කල හැකි සේවයට ඉතා සීමිතය. ඒ නිසා රජය විසින් මෙම ප්‍රජාවන්ට වෙන් කරනු ලබන මූල්‍ය හා අනෙක් ප්‍රතිපාදන ලබා ගන්නේ කවුරුද, ඒවා සාමාන්‍ය ජනතාවගේ යහපතට භාවිතා වේද යනාදිය සොයා බැලීම අති දුශ්කරය. ඒ නිසා මෙම ප්‍රජාවන් සදහා වෙන් කෙරෙන ඩොලර් බිලියන ගණන් අයාලේ යාමට ඉතා පහසුය.

පාර්ලිමේන්තුව මගින්ම තෝරා පත් කර ගනු ලබන VOICE නමින් හදුන්වන මෙම ස්වාධීන Advisory කමිටුව පත් කෙරෙන්නේ මේ විවිධ Indigenous ජන කොටස් තුලිනි.

මෙම කමිටුවේ කාර්ය භාරය වන්නේ අන් අයට (විශේෂයෙන් ගතානුගතික යුරෝපීය අදහස් දරන බහුතරයට) වටහාගත නොහෙන ඔවුන්ම ගේ අවශ්‍යතා පිලිබදව පාර්ලිමේන්තුවට හුදෙක් උපදෙස් අනුශාසනා කිරීම පමණි.

එම උපදෙස් පිලිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම තව දුරටත් පාර්ලිමේන්තුව සිදුකරනු ලබයි.

ඔවුන් ගෙන්ම කොල්ලකාගත් රටෙහි, වෙසෙන අපට, ඔවුන්ගේ දරුවන්ට හෝ වඩා යහපත් හෙට දවසක් ලබා දීමට තවමත් කලහැකි මානුශික දෙයක් ඇත.

අපි ඔවුන් අපගෙන් ඉල්ලා සිටින ඒ YES ඡන්දය ලබාදෙමු!

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews