“Get off my grass- A proud hom…

, , Leave a comment

“Get off my grass- A proud home owner to Scott Morrison”
Both thumbs up after press conference moved away from home owners front yard.

මිත්‍රවරුනි,
ඉහත සත්‍ය සිද්ධිය ඕස්ට්‍රේලියාවේ සිදුවුනේ දැනට වසර කිහිපයකට කලින්.

මෙම සුලු සිද්ධියෙන් ශ්‍රී ලාංකීක අපට ගත හැකි පාඩම් මොනවාද?
රාජ්‍ය නායකයෙකු සතු නිහතමානී භාවයත් පුරවැසියකු තම නීත්‍යානුකූල වටපිටාව තුල විරුද්ධ වීමේ හැකියාවත් මෙයින් පිලිබිඹු වෙයි.නීතිය සැමට ඉහලින් තිබෙන රටක දේශපාලන වහල්භාවය නොමැති රටක මේවා ඉතා සුලු සිද්ධීන් වේ.

පසුගිය මාසය පුරාම අප මව් බිමේ පොදු ජනයා විසින් කරන්නා වූ විවිධ වූ අරගලත් ඒ සදහා ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ලබාදෙන පිලිතුරුත් අප දැක්කෙමු.
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති අසමානතාවයත්, දේශපාලකයින්ට ඇති අසීමිත වහල්භාවයත් අපි දිනපතා දකින්නෙමු.

වාසනාවකට වරදක් දුටු තැන එය පෙන්වාදීම හෝ එයට විරුද්ධ වීමේ ගුණය ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා භූමිය තුල වර්ධනය වන බව දැන් දැන් පෙනේ.
නමුත් කපටි දේශපාලකයින් තවමත් ඔවුන්ගේ සුපුරුදු වැඩවසම් න්‍යාය සහ deal සංස්කෘතිය අත් හැර නොමැති බව අපට පෙනේ.

ඔවුන් මේ දිනවල කරනා තුච්ච වූ deal දේශපාලනය මැනවින් කියාදෙන්නේ ඔවුන් රට රැකීමට වඩා තමුන් රැකගැනීමේ ජඩ දේශපාලනයේ තවමත් යෙදී සිටින බවයි.

ක්‍රියාශීලී,අවංක සහ රටට වැඩදායක ප්‍රතිපත්ති තනන සහ ක්‍රියාත්මක නොකරන දේශපාලකයින් නොමැති කලක සහ වැරැද්දට එරෙහිව සාමකාමීව නැගී සිටින පුරවැසියන් නොමැති රටක අනාගතය අදුරු බව මේ වන විට මුලු ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරමින් සිටී.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews