ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතු…

, , Leave a comment

ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතුනි,

වාර්ෂිකව පැවැත්වන කඨීන පිංකම හා සමගාමිව ථේරවාදී සාම්ප්‍රදායානුකූලව සිදු කරන “කඨීන චීවරය මැසීමේ පුජාව” අගෝස්තු 21 වන සෙනසුරාදා සවස 6:00 – 8.00 දක්වා අංක 8, බ්රූක් පෙදෙස පාර, ඇතල්ස්ටන් ප්‍රාථමික පාසැලේ පිහිටි John Poole ගොඩනැගිලි සංකීර්ණයේදී (Primary School, 8, Brookside road, Athelston SA 5076) සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව මෙත්සිතින් දැනුම් දෙන්නෙමු.

මෙම දුර්ලභ අවස්ථාවට ඔබ පවුලේ සියලු දෙනා සමඟ පැමිණ පින් රැස් කර ගන්නා ලෙස මෙයින් ගෞරවයෙන් මතක් කර සිටිමු.

පවතින COVID 19 තත්වය හේතුවෙන් පහත දැක්වෙන කරුණු කෙරෙහි පින්වත් ඔබ සැමගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු .

1. සහභාගිවන පින්වතුන් සවස 6:00 සහ 8.00 අතර පුන්‍යකර්මය සඳහා පැමිණීම මැනවි.

2. QR කේතය පරිලෝකනය කර හෝ අදාල ලියාපදිංචි සටහන් පත්‍රයේ තොරතුරු සටහන් කර ඇතුලු වීම‍ට කාරුණික වන්න.

3. මුඛ ආවරණ පැළදීමට සහ දෑත් විෂබීජ හරණයට කාරුණික වන්න.

4. සැමවිටම පුද්ගල දුරස්තතාවය (මීටර 1.5) පවත්වාගන්න

5. ආහාර පාන බෙදාහැරීමට, පිරිනැමීමට අවසර නැත

6. COVID 19 මාර්ගොපදේශයන්ට අනුව සහභාගී වියහැකි උපරිම සංඛ්‍යාව 225 ට සීමා කර ඇත.

තෙරුවන් සරණයි!

Tharaka Thilakarathne
Secretary

http://asbvihara.org.au/

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews