මිත්‍රවරුනි, ශ්‍රී ලංකාවේ COVI…

, , Leave a comment

මිත්‍රවරුනි,
ශ්‍රී ලංකාවේ COVID -19 සුබසාධන ආධාර පිණිස පැවැත්වෙන ශ්‍රී ලාංකීය ආහාර සල්පිල හෙට දින උදයේ 11 සිට සවස 5 දක්වා Athelstone Primary School Grounds හීදී පැවැත්වේ.
එම සුවිසල් එලිමහන් ක්‍රීඩාංගණය වටා ඉඩකඩ සහිතව පිහිටා ඇති විවිධ ශ්‍රී ලාංකීය ප්‍රජා සංවිධාන වලින් එදිනම පිසෙන නැවුම් ආහාර ඔබට මිළට ගත හැක.
අවශ්‍ය නම් ආහාර ක්‍රීඩාංගණය තුළදී අනුභව කිරීමටද අවස්ථාව සලසා ඇත.
Eftpos සහ credit card වලින් ගෙවීමේ පහසුකම් ඇත.

ඔබගේ ආරක්ෂාව පතා එම ස්ථානය තුල දිනය පුරා බලපවත්වන කෝවිඩ් ආරක්ෂිත වැඩපිලිවෙළක්ද ක්‍රියාත්මක වේ.
මෙම සුවිශේෂී අවස්ථාවට ඔබගේ සැපමිණීම සංවිධායක කමිටුව ඉතසිතින් අපේක්ෂා කරමු.
ස්තුතියි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews