මිත්‍රවරුනි, ලැබුවාවු නව වසර …

, , Leave a comment

මිත්‍රවරුනි,

ලැබුවාවු නව වසර ඔබට සහ ඔබ පවුලේ අයටත් ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවා යැයි පතන්නෙමු.

පසුගිය වසරේ අග භාගයේදී,ඇඩිලේඩ් බෞද්ධ විහාරස්ථානය සහ ඇඩිලේඩ් හී ඇති නොයෙකුත් ප්‍රජා සංවිධාන වල එකමුතුවෙන් පටන් ගත් ශ්‍රී ලංකාවේ මහනුවර ජාතික රෝහලට වෛද්‍ය ඔක්ෂිජන් ජනන යන්ත්‍රයක් ප්‍රධානය කිරීමේ ව්‍යාපෘතිය සදහා මේවන විට ඕස්ට්‍රේලියානු ඩොලර් 55,000 කට ආසන්න මුදලක් ලැබී ඇත.
එය සම්පූර්ණ ව්‍යාපෘතියෙන් 50% ක් පමණ වේ.

ලැබුවාවු නවවසරේ ලෝකයටත් මනුෂ්‍ය වර්ගයාටත් වඩා අර්ථවත් සේවයක් කිරීමට බලාපොරොත්තුවන ඔබට මේ ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක් වන බවට නොඅනුමානයි.

මව් බිමේ අසරණ රෝගි ජනතාවට ඉමහත් සේවයක් සැලසෙන මේ ඔක්ෂිජන් ජනන යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සදහා ඇණවුම භාරදීම ලැබූ මේ නව වසරේ මුල්මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ ඉතිරි කොටස සම්පූර්ණ කරගැනීම උදෙසා ඇඩිලේඩ් හී වෙසෙන ඔබ සැමගේ නොමසුරු වටිනා ආධාරය ඉත සිතින් බලාපොරොත්තු වෙමු.
පහත අමුණා ඇති ක්‍රම දෙකින්ම ඔබගේ ආධාර ලබාදිය හැක.
https://gofund.me/c9ddcc2a

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews