මිත්‍රවරුනි, ඇඩිලේඩ් ශ්‍රී ලංක…

, , Leave a comment

මිත්‍රවරුනි,
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානය සහ ඇඩිලේඩ්හී අනිකුත් ප්‍රජා සංවිධානවල සහභාගිත්වයෙන් ශ්‍රීලංකාවට අවශ්‍යම වෛද්‍ය උපකරණයක් වන Medical oxygen generator plant එකක් ප්‍රධානය කිරීමේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මකයි.
මේ වනවිට එම යන්ත්‍රය සදහා වන NMRA(National Medical Regulatory Authority) බලපත්‍රය අප විසින් ලබාගෙන තියෙනවා.
ඒ හැරුණු කොට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම යන්ත්‍රය අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සලකා වරායෙන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව දන්වා තිබෙනවා.
දැනට අප විසින් මෙම යන්ත්‍රය අලුතින් නිපදවීම සදහා Western Australia හී එම ආයතනය සදහා අත්තිකාරම් මුදල් ගෙවීමට ලගදීම බලාපොරොත්තු වෙනවා.

මේ ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු කරගෙන යෑම සදහා ඔබගේ කාරුණික උපකාර ඉතසිතින් බලාපොරොත්තු වෙනවා.

ඇඩිලේඩ් හී වාසය කරන අපි සැවොම මේ දිනවල කෝවිඩ් වසංගතය නිසා නොයෙක් අයුරින් පීඩාවිදින බව අපි දනිමු.එබැවින් මේ දිනවල අපගේ ප්‍රචාරක කටයුතු සීමා කරඇති බවත් දන්වා සිටිමු.
නමුත් මෙහි ඇති වැදගත්කම සළකා බලා හැකි අයුරින් ආධාරයක් කරන මෙන් නැවතත් කාරුණිකව දන්වා සිටිමු.
ඔබ සැමට යහපත් සති අන්තයක්.
ස්තූතියි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews