මිත්‍රවරුනි, ඇඩිලේඩ්හී වාසය කර…

, , Leave a comment

මිත්‍රවරුනි,
ඇඩිලේඩ්හී වාසය කරන ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත අපිහැමෝම මේ වන කොට ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් තිබෙන ඉතා දරුණු ආර්ථික අර්බුදය ගැන කිසියම් වැටහීමක් ඇති බව මම විශ්වාස කරමි.
මේ වනවිටත් අපි හැමෝම හැකි සෑම අයුරකින්ම අප නෑ හිතමිතුරන් වෙත උදව් උපකාර කරමින් සිටින බවත් අප දන්නෙමු.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අංශ මේ සියලු ආර්ථික අපහසු කම් මධ්‍යයේ නොමිලයේ ලබාදෙන සිය රෝගී සේවාවන් පවත්වාගෙන යෑමට කෙරෙන උත්සාහයද ගරු කටයුතුයි.
විදේශීය හෝ දේශීය සැපයුම්කරුවන් මත පමණක් නොයැපී අත්‍යාවශ්‍ය ඖෂධයක් වන වෛද්‍ය ඔක්ෂිජන් සිය රෝහල තුලම නිපදවා ගැනීමට කරන මෙම උත්සාහයේ සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිමු.
හුස්මකට අත්වැලක් ව්‍යාපෘති යේ සම්පූර්ණ වියදමෙන් 50% ක් මේ වනවිට අපි එක්‍ රැස් කරගෙන සිටිමු.
ඉතිරි කොටස සොයාගැනීමට නැවතත් ඔබගේ සහය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
පහත දැක්වෙන “Go fund me පිටුව හරහා ඔබගේ කාරුණික ආධාරය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
දේශීය ආර්ථිකයට ඒ වගේම ශ්‍රී ලාංකීක රෝගී සත්කාරවලට දිරියක් ලබාදීමට කල්පනා කරන
ඔබ සැමට ස්තුතියි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews