පසුගිය සති අන්තය ඇඩිලේඩ් වාසීන…

, , Leave a comment

පසුගිය සති අන්තය ඇඩිලේඩ් වාසීන්ට කාර්‍යබහුල සති අන්තයක් උනා.ගොඩදෙනෙක්ගේ මුලුතැන්ගෙවල් වල කඩිමුඩියේ රසමසවුළු සහිත ආහාර පිලියෙල උනා.
සමහර අයවලුන් කඩිමුඩියේ කඩසාප්පු වල දුවඇවිද්දේ උවමනා කරන අඩුපාඩු ටික කඩ වහන්න කලින් එක්‍ රැස් කරගන්න.
මේ කඩිමුඩිය තිබුනේ පසුගිය ඉරිදා පැවැත්වුන ආහාර සල්පිල සාර්ථක කරගන්නයි.
ඇඩිලේඩ්හී වසන මිනිසුන් කොටසක් තවත් ඈත දුරරටක වෙසෙන තමුන්ගේම මිනිසුන් කොට්ඨාසයක් වෙනුවෙන් අතිශයෙන්ම පරාර්ථකාමී වෙලා,ස්වකීය ධනය, ශ්‍රමය සහ කාලය වැයකිරීම දැකීම අතිශයෙන්ම සංවේදී කරුණක් උනා.
ඉරිදා හිමිදිරියේම ඇතල්ස්ටන් පාසැල් භූමියට තවත් පිරිසක් ඇවිත් ආහාර සල්පිලේ කඩසාප්පු ටික පිලියෙල කලේ උදේ 9 ට එන සූපවේදීන්ට ඉඩපහසුකම් සලසාදෙන්න.
උදේ 9-10 වෙනකොට නොයෙකුත් සංවිධාන වල සාමාජිකයන් ටික කඩිමුඩියේ ආහාර පිලියෙල කරන්න පටන් ගත්තා.
උදේ 11 වෙනකොට කෑම සියල්ල ලෑස්තියි.
වෙළෙඳ සැල් ටික සියල්ල විවෘතයි.
එතැන් සිට මිනිසුන් සියගණනකට කෑම දෙන සටන ඇරඹුනා.
පසෙකින් සංගීතයත් කුඩාළමුන්ට විනෝදවන්න ස්ථානයකුත් ලෑස්තියි.
එදා දිනයේදී කෝවිඩ් රෝගය නොවැලදී ආහාර මිළදී ගන්න තිබුන ආරාක්ෂාකාරීම තැන එතැන,
හොද එලිමහන,හොද අව් රශ්මිය,කෝවිඩ් QR codeඑක,මාස්ක් එක, එකිනෙකාගේ දුරස්ථභාවය,මේ සියල්ල එකතුවූ තැනක්.
දවස අවසාන වෙනකොට කාටත් මහන්සියි.ඒත් ඒ මහන්සිය සහ දහදිය වැය කලේ තමන්ට නොවන දේකට නිසා ඒ හැමෝටම දැනුන සතුට දීර්ඝකාලීනයි.
ලොව හැම දහමකින්ම කියාදෙන පරාර්ථකාමී කම වචනවලට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන්ම ඔප්පු කල හැමෝටම ජය සතුට ප්‍රාර්ථනා කරන්නෙමි.
හැමෝටම ස්තූතියි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews