“හුස්මකට අත්වැලක්” . “Hope for…

, , Leave a comment

“හුස්මකට අත්වැලක්” .
“Hope for a Breath”.

මිත්‍රවරුනි,
ඔබ අප සියලු දෙනාත්, ඇඩිලේඩ් හී ශ්‍රී ලාංකීක ප්‍රජා සංවිධාන වල ආධාරයෙන් සහ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ මූලිකත්වයෙන් යුක්තව ආරම්භ වූ මෙම මානූෂීය ආධාර ව්‍යාපෘතියේ තවත් වටිනා පියවරක් මේ සතියේ සනිටුහන් වුනා.
ඕස්ට්‍රේලියානු තත්ව සහතික සහිත බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සමාගමකින් ශ්‍රී ලංකාවේ ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය සහිත වෛද්‍ය ඔක්ෂිජන් ජනන යන්ත්‍රයක් ලබා ගැනීම සදහා ගිවිසුම් අත්සන් කර ඒ සදහා වන 30% ක මූලික ගෙවීම වන ඕස්ට්‍රේලියානු ඩොලර් 23,000 ක ගෙවීම අද සිදු කළා.

මෙතැන් සිට ලබන මාස තුනක කාලයක් ඇතුලතදී මෙම ඔක්ෂිජන් ජනන යන්ත්‍රය අලුතින්ම නිපැදවෙනවා.
මෙම වටිනා ජනන යන්ත්‍රය ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ සියලු තත්වපරීක්ෂාවලට ගැලපෙන ලෙස සාදන්නක්.මෙයින් මහනුවර මහරෝහලේ සියලු රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය ඔක්ෂිජන් සිලින්ඩර සැපයුම ලබා දෙනවා.
ඔබ විසින් පරිත්‍යාග කල මුදල් හා ශ්‍රමය ජාවාරම්කරුවන්ට හෝ අතරමැදියන්ට නොගොස් අසරණ රෝගීන්ගේ අවශ්‍යතා සදහාම යොදාගැනීමට අප විසින් හැකි සියලු කටයුතු යොදා තියෙනවා.
මේ සදහා අවංක චේතනාවෙන් ඇප කැපවූ සියලු දෙනාටත් සංවිධාන වලටත් ව්‍යාපෘති කමිටුව වශයෙන් මා භක්ති පූර්වකව ස්තූතිවන්න කැමතියි.
ඔබගේ වටිනා පරිත්‍යාගය තුලින් අප මව්බිමේ සුවහසක් රෝගි මිනිසුන් සුවපත් කිරීමට ලැබීම ඔබ මේ ජීවිතයේ ලද මහගු භාග්‍යක් ලෙස සලකන්න.මේ හා සම්බන්ධ
ඉදිරි වැඩ කටයුතු වලදීත් ඔබගේ නොමසුරු සහය අපේක්ෂා කරමු.
ස්තූතියි.
සරත් සේනාධීර,
ව්‍යාපෘති කමිටුව.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews