මිත්‍රවරුනි, ශ්‍රී ලංකාවට අද ව…

, , Leave a comment

මිත්‍රවරුනි,
ශ්‍රී ලංකාවට අද වැදගත් දවසක්.
මහ බැංකු අධිපති, මුදල් ඇමති සහ ලේකම් යන
ශ්‍රීලාංකීක නියෝජිත පිරිස ඇමරිකාවේ වොශින්ටන් නුවර පිහිටි ජාත්‍යාන්තර මූළ්‍ය අරමුදල වෙත ගොස් ඩොලර් බිලියන 4 ක ණය පහසුකමක් ඉල්ලා සිට්න මොහොතකයි අප සිටින්නේ.
ඒ හැරුනු කොට ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 2 ණය පහසුකමක් ලැබීමටත් නියමිතය.ඒ සියල්ල එකතු කල විට ඩොලර් බිලියන 6 ක ණයක් ලැබේ.

ශ්‍රී ලංකාවේ දැනට වසරකට ගෙවියයුතු ණය ප්‍රමාණය බිලියන 7 කට මදක් වැඩිය.රටේ
සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50 කට වැඩිය.

මේ අවුරුද්ද මෙසේ IMF හෝ ඉන්දියාව හරහා හෝ ගැට ගසාගත්තා යැයි හිතමු. එහෙත් 2023 අප කුමක් කරන්නෙමුද?

නැවත ණය ගෙවන්නට නැවත නැවතත් ණය ගන්නේද?.

අපේ රටේ දළ දේශීය නිශ්පාදනයට වඩා සියයට 101 ක් අපේ රටේ ණය ප්‍රතිශතය වැඩිය.
ඒ කියන්නේ අප රට රුපියල් 100 ක් උපයා ගන්නා විට තවත් රුපියල් 101 ක් ණයට ගනී.

එය ඉතාමත්ම අභාග්‍යසම්පන්න තත්වයකි.මෙම ණය කන්දෙන් ගොඩයෑම ගැන බලාපොරොත්තුවක් හෝ තැබිය නොහැක.

ණය ගැනීම ලෝකයේ සියලු රටවල් පාහේ කරති.
එහෙත්. ඒ ණය වලින් ඔවුන් සිය රටට මුදල් උපයති
එහෙත් අපේ රට ණය ගන්නේ ණය ගෙවීමටය.

මෙය ඉතාමත්ම බරපතල ඛේදවාචකයකි.
ඔවුන් කවදා මේ ණය ගැනීම අවම කරගන්නේද යන්න පේන තෙක් මාණයකවත් නැත.

මෙයට කෙටිකාලීන විසදුමක් නොමැත.

ඇති එකම කෙටි මගත් දිගය.

මා ආර්ථික විශේෂඥයෙකු නොවේ එහෙත් මට තේරෙන පරිදී හා කියවා තේරුම කරගත් පරිදි
විය යුත්තේ රටතුල ඇති අධික වියදම් අඩු කිරීමත් රටට ආදායම් ලැබෙන ප්‍රමාණය වැඩි කිරීමත් පමණී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා වියදම් අධිකය.
ඒ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගැනීම දුප්පත් රටකට කල නොහැකිය.
ඒ වගේම රටේ සුබසාදක සදහාත් රජය අදික මුදලක් වැයකරයි.
තුවාලයකට බෙහෙත් දැමිමේ සිට බයිපාස් සැත්කම දක්වා රජය නොමිලේ කරයි.
පහල බාලාංශයේ සිට උපාධිය දක්වා නොමිලයේ උගන්වයි.
මේ දෙකම රාජ්‍ය සහ පෞද්ගලීක අංශ දෙකම එකතු වී අපූරුවට කර ගත හැක.
ඕස්ට්‍රේලියා වේ සිදුවන්නේ එයැයි.

රටේ දේශපාලන යාන්ත්‍රනය නඩත්තු කිරීමටත් බරපතල වියදමක් දරයි.

රටේ වසරක defence budget එක ඩොලර් බිලියන දෙකකට ආසන්නය.

මෙසේ අධික වියදම් දරන රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම කිසිම පොහොසත් රටකටවත් සදාකාලිකව කළ නොහැක.එය කවදා හෝ කඩා වැටේ.
ශ්‍රි ලංකාවට අද සිදුව ඇත්තේ මෙයයි.
සංවර්ධනය මුවාවෙන් ගත් ණය ප්‍රමාණයත් රාජ්‍ය පවත්වාගෙන යෑම සදහා ගත් ණය ප්‍රමාණයත් අසීමිතය.
ඒ සියල්ල හැරුණුකොට
දූෂනය හා නාස්තිය ඉහ වහා ගොසිනි.
රට දුප්පත් ය පාලකයෝ පොහොසත් ය.
රට හැදීමට කියා ඇවිත් රජසැප විද භාණ්ඩාගරයටත් විද පලා යයි.

අවසානයේ සිදුවූයේ නැටු තොවිලෙකුත් නැත බෙරේ පලුවකුත් නැත.ඉතිරි වූයේ බංකොලොත් රටක් සහ ලෝකයා ඉදිරියේ හිගාකන රටක් බවට ශ්‍රී ලංකාව පත් විම පමණය.

පහත ඇති දත්ත වාර්ථා කියවා බලන්න.
Source: Central bank of Sri Lanka.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews