මිත්‍රවරුනි, මට 71 කැරල්ල යාන්…

, , Leave a comment

මිත්‍රවරුනි,
මට 71 කැරල්ල යාන්තමට මතකය. සිරිමාවෝගේ 1970-77 දක්වා දේශීය දෑ බහුල සංවෘත වූ ආර්ථිකය මතකය. ඒ මතකය ඇත්තේ භූමිතෙල් සුවද හමන රෙදි, පෝලිම්වල සිටි හැටි, සිරිමාවෝට යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ අල්ලා කථා ගොතපු හැටිහරහාය.
1977 ජේ ආර් බලයට පත්වී ඇති කල විවෘත ආර්ථිකය මතකය. ඒ මතකය ඇත්තේ කැසට් රේඩියෝ කරේ තියන් නැටූ, පෞද්ගලික ‍රෝසා බස්,රූපවාහිනි සංස්ථාව fm රේඩියෝ වැනි මතක හරහාය. 1983 කලු ජූලියත් මතකය.එහිදී ඇතිවූ කල කෝලාහල ගිනි තැබීම්,දෙමළ මිනිසුන්ට පහර දීම් දැක්කෙමි.නීතිගරුක ලෙස රටේ සියලු මිනිසුන් ආරක්ෂා කරන රජයක් නොදැක්කෙමි.
1987 ඉන්දියාවේ උපකාරයෙන් බිහිකල 13 වෙනි ව්‍යවස්ථා සංසෝධනය හරහා පලාත් සභා ඇතිකිරීමත් ඉන්දියන් සාම සාධක හමුදා පැමිනීමත් එයට එරෙහි කැරල්ලත් එය 88/89 දක්වා ඇදීගොස් පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතා සහ ඉන්දියන් හමුදාව පැන්නීමත්,කීර්ති විජයබාහු බලකායත්,ප්‍රා,කොළ කොටි වැනි පැරාමිලිටරි කණ්ඩායම් වල ක්‍රියාවලුත් මතකය. ප්‍රේමදාස දෙකොන දැල්වෙන විලක්කුවක් කියා රට බාරගත් හැටිත්,ඔහුගේ ගම් උදා සැණකෙලිත්,තරුණයින්ගේ ටයර්සෑයන් ගංගාවල පාවෙන ඉදිමුනු මල කදන්ද දැක ඇත්තෙමි. ත්‍රීමා විතාන ගේ පරාල ඇන ගසා මරා දාපු මල ගෙදරත් ගිහින් ඇත්තෙමු.
විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් දීමට පැමිනි චන්ද්‍රිකාගේ පාලන කාලයත් දැක්කෙමි.LTTE ත්‍රස්තවාදීන් සිරි මහාබෝධියට පහර දී මිනිසුන් සියගණනක් මරා විල්පත්තු කැලයටපලා යනවාත් දැක්කෙමි.කර්නල් කොබ්බෑකඩුව බිම්බෝම්බයකට හසු වී මිය යන ආකාරය දැක්කෙමි. යාපනය,පුනරින්න් ආරක්ෂක හමුදා අල්ලාගන්නා ආකාරය මතකය.ඉනික්බිතිව මහින්ද රාජපක්ෂ ජනාධිපති වනු දැක්කෙමි.LTTE ත්‍රස්තවාදීන් පරාජය කරනු දැක්කෙමි. ප්‍රභාකරන් ගේ වෙඩි වැදුනු හිස දැක්කෙමි.
විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුවෙනවා දැක්කෙමි. මත්තල වරාය ගුවන්තොට,දැක්කෙමි.ප්‍රථම අධිවේගී මාර්ගය මතකය.බේබිලා කාර් රේස් පදිනවා දැක්කෙමි.ඉනික්බිති සිරිසේන සරල කාබන් පෑනෙන් නිදහස් චතුරශ්‍රයේ අත්සන් කරනවා දුටිමි. නොයෙකුත් වර්ගයේ කොමිෂන් සභා දැක්කෙමි.අර්ජුන් මහේන්ද්‍ර න් සිංගප්පූරුවේ සිට එනවා දැක්කෙමි. සිරිසේන අගමැති අයින් කොට රට බේරා ගැනීමට කියා මහින්දව අගමැති කලා දැක්කෙමි දින පනස් දෙකකට පසු එය නැතිවෙනවාත් දැක්කෙමි.
පාස්කු බෝම්බ ප්‍රහාරයත් දැක්කෙමි.මේවනවිටත් කාටවත් එය කරෙ කවුදවත් සොයාගැනීමටත් බැරි වූ බව දනිමි.ගෝඨාභය රුවන්වැලිසෑය ලග දිවුරුම් දුන්නා මතකය. ඒ තේජවන්ත කම ටිකෙන් ටික නැති වෙනවා දැක්කෙමි. නිදොස්කොට නිදහස් වෙනවා දැක්කෙමි.තෙල් සහ ගෑස් පෝලිම් දැක්කෙමි.
පැය 10-12 විදුලිය කැපීම් දැක්කෙමි.
ආන්ඩුවට කරකියා ගන්නට දෙයක් නැතිවිය.

මේ එකි නොකී දහසක් දෑ මත අලුත්ම මාදිලියේ ජන විරෝධයක් දැන් දකින්නෙමි.
එයට නායකයෙක් නැත.එකහඩින් සියල්ලෝ ගෝඨා ගෝ හෝම් යැයි කියති.225 ම එපා කියති. මිනිසුන් එපා කියද්දීත් එයා සිටී. අනිත් අය යයි. පාර්ලිමේන්තුව රැස්වෙයි. එහි සියලු බලතල ඇති ජනාධිපති නැත. අනිත් අය ඔහේ කථා කරයි. තමුන්ට ගල් ගසතැයි. අරාක්ෂාව මදි යැයි කියයි.හරියටම 12.30 ට කෑමට නවත්වයි.
ඒ ඇතුලේ සිටින කිසි කෙනෙකුටරටේ අනාගත ප්‍රශ්නය හෝ දැන් ප්‍රශ්නය හෝ එලියේ අරගල කරනා කොල්ලන් කෑගහලා කියන දේ,ඉල්ලන දේ ගැන වගේ වගක් නැත. රටේ මිනිසුන්ට ඇති කෑම ප්‍රශ්න,විදුලිය ගැස් ප්‍රශ්න,පොඩි එකාගේ මහල්ලාගේ බේත් ටිකේ ප්‍රශ්න,කුඩා කර්මාන්ත කරුවාගේ මූලද්‍රව්‍ය ප්‍රශ්න,ගොවියාගේ පොහොර ප්‍රශ්න,ශිෂ්‍යන්ගේ අධ්‍යාපන ප්‍රශ්න.මේ කිසි දෙයක් ඔවුනට අදාල නැත.ඔවුනට ඕනෑ සැප ශරීරය ආරක්ෂා කරගැනීමටත් සිය දරුපවුල සහ දේපල ආරාක්ෂා කරගැනීමටත් ය.
දැන් මටත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිස්සුවක් යැයි හිතේ. ගමේ බෝක්කුවක් පාරක් හදාගැනීමට නඩත්තු කරන මැති ඇමැති වරු ගණන. වියදම් කරන මුදල.රටේ සංවර්ධනය කියා දෙයක් කරගැනීමට යටකරන මුදලේ විශාලත්වය. එහෙන කරන්න ගොස් ණය වෙලා ඇති ණය කන්දරාව.
අවසානයේදී ලබා ඇත්තේ කුමක්ද ?.
පාරේ කෑමොරදෙන මහලොකු ආර්ථික උපාධි නැති,අතිවිශාල මුදලක් ඉතිරි කොට නැති,එදාවේල හම්බ කරම් කන ,දෙමව්පියන් ගෙන් සල්ලි ඉල්ලන් කොළඹ එන කොල්ලෝ කෙල්ලෝ උගුර ලේ රහවෙනකම් කෑමොරදීලා කියන්නේ මොකක්ද ?
මේ ක්‍රමයේ ඇති අතිවිශාල හිස්බව,අරුත්සුන් බව,අකාර්යක්ෂම බව,දෑහිතකාමි නැති බව නොවේද.
කොල්ලනේ,කෙල්ලනේ උඹලා කාගේ බළල් අතක් ද කියා නොදන්නවා උනත් අපිට නොපෙනුන නොතේරුන දේ උඹලට තේරිලා.ඒ අතින් උඹලා ලෝකයෙන්ම ඉදිරියෙන්.
ඒත් ඒ තේරේන දේ ක්‍රියාත්මක කරන්න අවාසනාවකට දැනට රටේත් ලෝකයේත් තියෙන පිලිගත් රාජ්‍යපාලන ක්‍රම ඉඩමදි.ඒඅලුත් පාලන ක්‍රමය සොයාගැනීමත් මේත් එක්කම කරමු යැයි කියා මා නවතින්නම් .මේ පෙර නොවී විරූ අසම්මත වූ මේ අරගලයට ජය වේවා.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews