මිත්‍රවරුනි, පසුගිය සතිය පුරාව…

, , Leave a comment

මිත්‍රවරුනි,
පසුගිය සතිය පුරාවට ශ්‍රී ලාංකීය ජනතාව නොයෙකුත් ආකාරයේ විරෝධතාවල නියැලෙමින් සිය දුක්ගැනවිලි රටේ නායකයින්ට ඉදිරිපත් කලා.රටේ නායකයින් ඒ සතිය තුලදී ඒ ඉල්ලීම් වලට කන් දුන් හැටි,ප්‍රතිචාර දැක්වූ විදිය සහ රටේ ප්‍රශ්න වලට විසදුම් සෙවීමට ගත් උත්සාහයන් අප දුටුවා.
ඒ සතියක් පුරාවට පැවැති විරෝධතාවල කඩඉමට හෙවත් උච්චතම අවස්ථාව අද ඇවිල්ලා තියෙනවා.

ඒ නිසාම ශ්‍රී ලංකාවට අද තීරණාත්මක දවසක්.
අද පැවැත්වෙන විරෝධතාවල මුහුණුවර වෙනස්ම ස්වරූපයක් ගන්න ඉඩ තියෙනවා.

මේ බොහොමයක් ශ්‍රී ලාංකිකයින් විරෝධතාවල නියැලෙන්නේ ඔවුනටම ආවේනික ප්‍රශ්න සහ දුක්ගැනවිලි ඇති නිසා.

ඒ ප්‍රශ්න බොහොමයක් රටේ ආර්ථික අහේනිය නිසා ඇතිවූ ප්‍රශ්න.

රටක් හෝ ආයතනයක් හෝ කුමන හෝ දෙයක් පාලනය කිරීමේදී ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්.ඒ හැමෝටම කැමැති විදියට පාලනය ගෙන යා නොහැකි නිසයි.
නමුත් රටක් හෝ ආයතනයක් සම්පූර්ණයෙන්ම ආර්ථිකමය වශයෙන් බංකොලොත් භාවයට පත්වීම යනු එක රැයින් සිදුවන දෙයක් නොවේ.
එය සාමාන්‍යයෙන් දිගුකාලින අකාර්යක්ෂම හා අදක්ෂ කළමනාකරණ ක්‍රියාවලියක ප්‍රතිපලයක්.

එය මේ වන විට අපත් සෙසු ලෝකයත් ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස බලාගෙන ඉගෙන ගමින් සිටී.
මා පුද්ගලිකව විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවේ මූලිකම ප්‍රශ්නය වන්නේ නිසියාකාර ආදර්ශමත් නායකයින් නොමැති වීමයි.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යමු ලබන නායකත්ව පිලිබද ආයතනයක් විසින් පළ කරන ලද නියම ලෝක නායකයෙකු සතු ලක්ෂණ පහතින් දැක්වේ.
The Characteristics & Qualities of a Good world class Leader
1.Integrity.
2.Vision
3.Responsibility/ Accountability
4.Effective Communication.
5..Self-awareness.
6.Gratitude.
7.Learning agility.
8.Influence & Inspiration
9.Empathy.
10.Ability to connect,collaborate and deligate.

මෙවැනි ගුණාංග සහිත නායකයින් අතලොස්සක් ශ්‍රී ලංකාවේ තවමත් ඉතිරි වී ඇත.
එහෙත් ඒ ඔවුන් ටික දෙනා හෝ සංස්කෘතික හෝ ආගමීක බැදීම් වලින් නොමිදේ නම් ඔවුනුත් අවාසනාවන්ත ලෙස අසාර්ථක නායකයින් ගණයට වැටෙති.
අප ධනාත්මක බලාපොරොත්තු සහගතව දෑස් දල්වා අප මව් බිම ලෙස බලාගෙන සිටිමු.
ඒ අතරතුර අපහැමට කළ හැකි දේ කරමු.
ස්තූතියි.
ඔබ සැමට යහපත් දවසක්.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews