“ශ්‍රී ලංකාවේ දේශපාලන ,ආර්ථික …

, , Leave a comment

“ශ්‍රී ලංකාවේ දේශපාලන ,ආර්ථික හා සමාජ අර්බුදය”.
මිත්‍රවරුනි,
පසුගිය සතිය තුල පමණක් ශ්‍රී ලංකාව තුල සිදුවූ දෑ මෙයට වසර පනහක තරම් දීර්ඝ කාලයක වත් ශ්‍රී ලංකාව තුල සිදු නොවූ සිද්ධීන් වේ.
ඒ වගේම ඉදිරි සති දෙක තුල සිදුවීමට නියමිත සිද්ධීන්ද පෙර කල ශ්‍රී ලංකාවේ සිදු නොවූ දෑ වේ.
එම නිසා ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවේ අනාගතයට අතිශයෙන්ම තීරණාත්මක වේ.
පෙනෙන පරිදි ශ්‍රී ලංකාවේ අනාගතය අතිශයෙන්ම අදුරුය.එයට ප්‍රධානම හේතුව වන්නේ බරපතළ ආර්ථික බංකොලොත් බාවයයි.
ආර්ථික බංකොලොත් භාවය ඇතිවුනේ දේශපාලන හා සමාජ සංදර්භය තුල ඇති නොයෙකුත් අයහපත් හේතුමූල සාධකයි.ඒ හේතූන් සියල්ල මේ වෙන කොට අප දනී.
ඒ හේතුන් සියල්ල මැඩලා මේ වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට රට ගත යුතු හරි ක්‍රියාමාර්ග මොනවාද ?.
එයැයි අද දවසේ අප ඉදිරියේ ඇති මිලියන් ඩොලර් ප්‍රශ්නය.
ප්‍රශ්නය කොතරම් බරපතළ උවත් පිලිතුර සරළය.
ප්‍රශ්ණය සංකීර්ණ වී ඇත්තේ සැබෑ ප්‍රශ්නය යට දමා පුද්ගල,පක්ශ,වෙළද ගණුදෙනු,ආත්මාර්ථකාමය,කැප කිරීමට සහ අත් හැරීමට ඇති පැකිලීම වැනි කරුනු කාරණා ඉදිරියට දමාගෙන ප්‍රශ්නය සංකීර්ණ කරගැනීමයි.
ආර්ථිකයේ මූලිකම සාධකය වන ආදායමට වඩා වියදම වැඩි තත්ත්වයක් නිසා හටගත් ආර්ථික අර්බුදය විසදීමට ඇතිඑකම විසදුම වියදම සීමා කිරීමත් ආදායම ඉහල දමා ගැනීමත් වේ.
එයින් මෙපිට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට උත්තර නැත.
මුලු ලෝකයම අද ශ්‍රී ලංකාවට සිදුවූ තත්වය දනී.
ඔවුන්ගේ උදව්වල සීමාවල්ද ඔවුන් දනී.
ඒ නිසා මේ ප්‍රශ්නයට දේශීය විසදුමක් ලබාගත යුතුය.

රටේ වියදම් අඩු කිරීමට හැකි අවස්ථා හා උපාය මාර්ග කොතෙකුත් ඇතත් පාලකයින් ඒ සදහා සුලු හෝ උත්සාහයක් ගන්නා බව තවමත් නොදැනේ.

ඒ වගේම දේශීය ආදායම් ඉහළ නංවා ගැනීම කෙසේ වෙතත් පැවැති ආදායමත් බලෙන් අඩු කරගත් බව අපි සියල්ලෝම දනී.

ශ්‍රී ලංකාවේ මහජනතාවත්,ඔවුනට සේවය කිරීමට වැටුප් ගෙවා පත්කරගෙන ඇති සියලු දේශපාලකයිනුත්,ඉදිරියේ වගකීම් භාර ගැනීමට සූදානම් වෙන නවකයිනුත්,සියලු රජයේ සේවකයිනුත් ඉදිරි පස් වසර ඇතුලත ඉතා වුවමනාවෙන් සහ අරපරෙස්සෙමින් වැඩ කල යුතු බව මගේ හැගීමයි.
එසේම වැඩ බැරි අය ගෙදර ගොස් වැඩ කිරීමට ගැකි අය රටේ පාලනයත් භාරගතයුතුය.
ඒ හැරුනු කොට මෙයට වෙනත් විකල්පයක් නොමැත.
වෙනත් විකල්ප ඇත්තේ නම් ඒ ගැන අපි කථා කරමු.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews