ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත…

, , Leave a comment

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,

මෙත් සිතින් සිහිපත් කිරීමයි!

ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ 2021 කඨින මහා පුජ්‍යෝත්සවය සුදානම්වීම සඳහා විහාරස්ථානය

සහ විහාර භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය 2021 ඔක්තෝම්බර් මස 17 වන ඉරිදා උදෑසන 10:00 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔබ සැමට මෙසේ දැනුම් දී සිටිමු. ශ්‍රමදානයේ සංවිධාන කටයුතු භාරව සිටින්නේ විහාර කමිටු සාමජික, කුමුතු දොලවත්ත (0415975377) සහ ජයන්ත පතිරණ (0415 057171) වන අතර, වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කරගන්න.

දිනය : 2021 ඔක්තෝම්බර් මස 17 වන ඉරිදා

වේලාව : උදෑසන 10:00 සිට

ශ්‍රමදාන සැලැස්ම

1. බුදුමැදුර සහිත ගොඩනැගිල්ල ශුද්ධ පවිත්‍ර කිරීම
2. සංස්කෘතික ශාලාව ශුද්ධ පවිත්‍ර කිරීම
3. විහාර භූමිය සහ රථ ගාල ශුද්ධ පවිත්‍ර කිරීම
4.ආවාස ගෙය පිරිසිදු කිරීම

තේ පැන් සංග්‍රහ සහ දිවා ආහාරය සුදානම් කර ඇති අතර ඔබ සතුව ඇති ගෙවතු උපකරණ රැගෙන පැමිණෙන ලෙස සිහිපත් කර සිටිමු.

ශ්‍රමදාන දිනය පුරා ඔබගේ සේවය සඳහා ප්‍රථමාධාර කණ්ඩායමක් විහාර භුමිය තුල රඳවා ඇත අතර පවත්නා COVID මර්ගොපදේශයන්ට යටත්ව මෙම සද්කාර්යය සඳහා පින් කැමති ඔබ සැමගේ සහභාගිත්වය මෙත් සිතින් අපේක්ෂා කර සිටිමු.

Dear Devotees,

We like to inform you all that the cleaning campaign of Adelaide Sri Lanka Buddhist Vihara Premises prior to the annual Katina Ceremony is planned to be held on Sunday, 17th October 2021 from 10:00 am. Chief organizers of the campaign are the Committee Members Kumuth Dolawaththa (0415975377) and Jayantha Pathirana (0415057171) hence, you are welcome to contact them for details if required.

Date: Sunday the 17th October 2021

Time: From 10:00 am

Shramadaana Plan

1. Shrine Room and the building

2. Cultural Hub

3. Garden and rest of the premises

4. Monk Residence

Please be kind enough to bring the garden tools which you have and kindly remind that morning tea and lunch will be served. A First Aid team will be available at your service during the event.

We welcome your participation in this noble cause.

Theruwan Saranai!

Tharaka Thilakarathne
Secretary

http://asbvihara.org.au/

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews