මිත්‍රවරුනි, ඇඩිලේඩ් ශ්‍රී ලංක…

, , Leave a comment

මිත්‍රවරුනි,
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය,ඇඩිලේඩ්හී අනිකුත් ශ්‍රී ලාංකීක ප්‍රජා සංවිධාන සහ ඇඩිලේඩ්වාසී ඔබසැම එකතු වී ආරම්භ කල “හුස්මකට අත්වැලක්” Hope for a Breath” ව්‍යාපෘතිය පිලිබද නවතම තත්වය ඔබවෙත ගෙන ඒම මෙම ලිපියේ බලාපොරොත්තුවයි,
මෙම ව්‍යාපෘතිය සදහා ඇඩිලේඩ් වාසි ඔබසැමගෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 95000 කට ආසන්න මුදලක් ආධාර ලෙස ලැබී තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරෙන වෛද්‍ය ඔක්ෂිජන් ජනන යන්ත්‍රය අප උදෙසාම අලුතින්ම නිශ්පාදනය කිරීම සදහා ඇනවුම බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ” Oxyair ” සමාගමට 30% මුදලක් ගෙවා ලබාදුන්නා,
මේ වනවිට එම යන්ත්‍රය අලුතින්ම නිපදවීම ආරම්භකොට තියෙනවා.
යන්ත්‍රයේ නිපදවා ඇති කොටසක ජායාරූපයක් මේ සමග අමුණා ඇත,
මැයි මස අවසානයේදී එම යන්ත්‍රය සම්පූර්ණයෙන්ම නිමවා ශ්‍රී ලංකාව වෙත නැව්ගත කිරීමට හැකි බවට එම සමාගම විසින් අප වෙත දන්වා එවා තිබෙනවා.

ඔබ සැමදෙනා අපවෙත ලබාදුන් ඩොලර් සියල්ල සම්පූර්ණයෙන්ම එම ව්‍යාපෘතිය සදහාම වැයවෙන බවත් එයින් එක ඩොලරයක්වත් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉහල හෝ පහල ස්ථර වල සිටිනා නොයෙකුත් දූශිත නිලධාරීන්ගේ හා ඖෂධ සමාගම්වල ජාවාරම්කරුවන් අතට නොයන විදියේ වැඩ පිලිවෙලක යෙදී සිටින බවත් දැනුම් දීමට කැමැත්තෙමු.
ව්‍යාපෘතිය මෙතෙක් අවසන් කිරීමට නොහැකි වූයේ එයට අවශ්‍ය වූ මුදල් සොයාගැනීමට කල්ගත වීම,ලෝක ඉලෙක්ට්‍රොනික සැපැයුම් ජාලයේ ඇතිවූ බිදවැටීම් සහ මෙම ව්‍යාපෘතියේ ඇති සංකීර්ණ භාවයත් බව දැනුම් දීමට කැමැත්තෙමු.
අප කෙරෙහි විශ්වාසය තබා,ලෝකයට ණය නොවී අප ශ්‍රී ලංකාවේ දේශීය ඔක්ෂිජන් නිශ්පාදනය වැඩි දියුනු කිරීමේ කාලීන ව්‍යාපෘතියට අත හිත දුන් සියලු දෙනාට මෙයින් කෘතඥතාව පලකෙරෙන අතර මේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ රෝගී සත්කාර සේවයට උදව් උපකාර කිරීමට ලැබීමේ මහගු සමාජසත්කාර පුණ්‍යකර්මයට ඔබ සැම දැක්වූ උනන්දුව ගැනත් සතුට පල කරමි,
ව්‍යාපෘතියේ ඉදිරි තත්වය ලද විගස ඔබ වෙත දැනුම් දෙන්නෙමු.
ඔබ සැමට යහපත් දවසක්.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews