මිත්‍රවරුනි, අද ශ්‍රී ලංකාවේ 7…

, , Leave a comment

මිත්‍රවරුනි,
අද ශ්‍රී ලංකාවේ 75 වෙනි නිදහස් සමරුව පැවැත්වෙන දිනයයි.
1948 වසරේදී බ්‍රිතාන්‍යයින්ගෙන් නිදහස ලබාගත් දින සිට ස්වදේශිකයින් රට පාලනය කරන 75 වෙනි වසර මෙයයි.
එය දෙස් විදෙස් හී සිරින සියලු ශ්‍රී ලාංකිකයින් විසින් අභිමානයෙන් යුතුව සැමරිය යුතු බවට වර්ථමාන ශ්‍රී ලංකා ජනාධිපති තුමා විසින් ප්‍රකාශ කොට ඒසදහා ශ්‍රී ලංකාවේ ජාතික උත්සවයක්ද අද දින පවත්වයි.

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ වසන අපගේ නෑ හිත මිතුරන්ට නිදහසක් තිබේද?

ශ්‍රී ලංකාවේ පොලීසියකට ගිය අයෙකුට ඒ ගිය හේතුව කරදරයක් නැතිව ඉටු වෙයිද?
ශ්‍රී ලංකාවේ රෝහලකට රෝගී වි ගියහොත් දන්නා අදුනන කෙනෙක් නැතිව ප්‍රතිකාර සිදුවෙයිද?
රජයේ කච්චේරියකට හෝ වෙනත් පාරිභෝකික සේවා සපයන ආයතනයකට් ගියහොත් ඒ දේ කර දෙයිද?
රජයේ කොන්ත්‍රාත් කරන කෙනෙකුට කිසිකෙනෙකුට අල්ලසක් නොදී තමාගේ ව්‍යාපාරය කරගත හැකිද?
මෙකී නොකී සියලු අකරතැබ්බ වලට අපහසුකම් වලට මුහුන දෙන ශ්‍රී ලාංකිකයන්ට සැබෑ නිදහසක් තිබේද?
එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් යටත් කරගෙන සිටි පෘතුගාලය ඕලන්දය සහ බ්‍රිතාන්‍යයේ යන රටවල් වල ජීවත්වෙන සියලු ශ්‍රී ලාංකිකයින් සිය නිදහස අසීමාන්තිකව භුක්ති විදිති.

එතකොට ලංකාවේ වසන ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස සොරාගත්තේ කවිද?

ශ්‍රී ලංකාවතුල ජීවත් වෙන ජනයා මෙසේ ස්වදේශික මංකොල්ල කරුවන්ගෙන් සහ ජාවාරම්කරුවන්ගෙන් ගැලවෙන්නේ කවදාද? කෙසේද?

මෙය අද වැනි නිදහස් දිනක තමතමන්ගෙන් ඇසියයුතු ප්‍රශ්ණයකි.

ස්තූතියි.
සරත් සේනාධිර.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews