කාරුණික ආරාධනාවයි. මිත්‍රවරුන…

, , Leave a comment

කාරුණික ආරාධනාවයි.

මිත්‍රවරුනි,
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මූලිකත්වයෙන් ඇඩිලේඩ්වල ඇති අනෙකුත් ශ්‍රී ලාංකීය ප්‍රජා සංවිධාන වල සහ අනෙකුත් දානපතියන්ගේ ආධාරයෙන් ” හුස්මකට අත්වැලක්” ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් වටිනා වෛද්‍ය ඔක්ෂිජන් උහ්පාදන යන්ත්‍රය මහනුවර ජාතික රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවය හෙට ඉරිදා 20 වැනි දින ඇඩිලේඩ් වේලාවෙන් සවස 8 ට Crafers ඇඩිලේඩ් බෞද්ධ විහාරයේ ප්‍රජා ශාලාවේ පැවැත්වේ.
එම යන්ත්‍රය විවෘත කීරීම සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ මහනුවර ජාතික රෝහලේ අධ්‍යකෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකෙරේ.
එම උත්සවය සජීවීව නැරඹීමට සහ එම උත්සවයට සහභාගී වීමට ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමි.
සජීවීව සහභාගී වීමට නොහැකි අයට Zoom මෘදුකාංගය හරහා එය දැක බලාගැනීමට වැඩ කටයුතු සලසා ඇත.Zoom අන්තර්ජාල දිගුව හෙට දිනයේදී ලබාදෙන්නෙමු.
ඔබගේ සහභාගිත්වය ඉත සිතින් බලාපොරොත්තු වෙමු.
වෛද්‍ය සරත් සේනාධිර
“හුස්මකට අත්වැලක් ව්‍යාපෘතිය”
ඇඩිලේඩ්.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews