Group wall post by Sarath Senadeera #Adelaide #SriLankan 29/05/2017

ශ්‍රී ලංකාවේ ඇති වී ඇති හදිසි ආපදා තත්වය
ප්‍රිය මිත්‍රවරුනි,
අප විසින් 2016 අගෝස්තු මස ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පැවැත්වූ
” ආදරණීය රෝහණ”. සංගීත ප්‍රසංගයේ ඊළඟ ආධාර වාරිකය ශ්‍රී ලංකාවේ ජලගැලීම් සඳහා පරිත්‍යාග කිරීමට අප විසින් තීරණය කලා.
ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් 500,000 මුදලක් අද අප විසින් ශ්‍රී ලංකාවට යවනු ලැබුවා.
වාසනාවකට අප මිත්‍ර ඇඩිලේඩ් වාසී අරවින්ද පිටිගල මහතා මේ දිනවල කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට ගොස්‌ සිටින අතර ඔහුගේ ශ්‍රම දායකත්වයෙන් ඉතා ඉක්මනින් අවැසි ආධාර වන බෝතල් කල පානීය ජලය,බිස්කට් වර්ග,වියලි ආහාර,සනීපාරක්ෂක කට්ටල වැනි ද්‍රව්‍ය රත්මලාන ගුවන් හමුදා කඳවුරට ලබා දීමට අපවිසින් අරවින්දට උපදෙස් දෙනු ලැබිණි.
මෙම මුදල නොමිලයේ ශ්‍රීලංකාවට යැවීමට AUSCEY EXCHANGE අධිපති ඉන්දික සමරවික්‍රම මහතා අධාර කලා.
මෙම හදිසි ආධාරය අප විසින් කරනු ලැබීමට හැකිවුයේ ඇඩිලේඩ් වාසී ඔබ සැම නිසාවෙනි.
ඔබ සැමට බොහොමත්ම ස්තූතියි.
සරත් සේනාධීර
ප්‍රියන්ත කලුතොටගේ
දර්ශන හේවගේ
සමන් පරණවිතාන
සහ ඇඩ්ලේඩ් ඔබ සැම.
මෙ අවස්තවෙ උතුමි සේවයක්…..,
.. ..Well come to Adelaide Sri Lankan Community Site..

Powered by WPeMatico