Group wall post by Chathura Amarathunga #Adelaide #SriLankan 01/05/2017

2561 වන වෙසක් මංගල්‍ය

නමෝ බුද්ධාය !

එලඹෙන 2561 වන වෛශාක්‍ය ත්‍රෛමංගල්‍ය පිනෙන් පිරුණ පිංබර නව වසරක්ම වේවා….
​අප මහා බෝසතාණන් වහන්සේ පුරනා ලද පාරමී කුසල ධර්ම සම්භාරය මුදුන් පැමිණ, මින් වසර 2641 කට පමණ පෙර තුසිත දෙව් විමනින් නික්ම, මනු පියසේ දඹදිව කපිල වස්තු පුර මායා බිසව් කුස පිළිසිඳ ගත්හ.​ චක්‍රවර්ති රාජ්‍ය, ප්‍රිය සම්භාෂණ, සුරූපි බිරිඳ, මොලකැටි පුතුණුවන් ආදී සියල්ල අතහැර අප මහ බෝසතාණන් වැඩි දුෂ්කර ගමනේ කෙලවර මෙයින් වසර 2606 කට පමණ පෙර, දස බිම්බරක් මරසෙන් පරදා ගයාවේ ඇසතු රුක් සෙවනේ වැඩ හිඳ උතුම් සම්බුදු බව පසක් කළේ දුක් සෝ සුසුමින් විඩාබර දිවි ඇති දෙව් මිනිසුන් සසර කතරින් එතර කිරීමේ පරම කාරුණික වූ චිත්ත සන්තානයක් ඇති මහා මුණි ගුණය නිසාවෙනි. තුන් ලොවට ශාන්තිය උදාකළ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ 2561 වන වෛශාක්‍ය ත්‍රෛමංගල්‍ය නිමිති කරගෙන අපිත් අෂ්ඨාංග උපෝසථ සීලයෙන් ප්‍රතිපත්ති පූජාවන් පුරමු…

​ඇඩිලේඩ් මහමෙව්නාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන විශේෂ වෙසක් සීල භාවනා වැඩසටහන “සදහම් අමා දියවර”, මැයි මස 7 වන දින දවස පුරා…

Powered by WPeMatico