Group wall post by Anjana Lakmal Kasthuriarachchi #Adelaide #SriLankan 14/11/2017

හිතවතුනි,
මෑතකදී මා ශ්‍රී ලංකාවට ගිය ගමනේදී රත්නපුර ඇලපාත ගම් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඉතා කැපවීමෙන් නොපිරිහෙලා සේවය කරන, ඇලපාත ශ්‍රී අභිනවාරාම විහාරයේ විහාරාධිපති සහ දහම්පාසලේ ප්‍රධානාචාර්‍ය වන පූජ්‍ය කුකුලේගම ස්වාමීන් වහන්සේ ගෙන් , ප්‍රදේශයේ දුගී දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය වෙනුවෙන් වූ ව්‍යාපෘතියක් සඳහා ඉල්ලීමක් ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා ලැබුණි.

උන්වහන්සේ ගේ ඉල්ලීම වූයේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට වාර්ශික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පාසල් සපත්තු කුට්ටම බැගින් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන හිතවතුන් ගෙන් ආධාරයක් ලබා ගත හැකිද යන්නයි.

උන්වහන්සේ ගේ වචන වලින් ම කිවතොත්, “අංජන මහත්මයා, තවමත් මේ දරුවන්ගෙ දෙමාපියන් වැඩි දෙනෙක් දරු පවුල ජීවත් කරවන්නෙ රබර් කිරි කපලා, තේ දළු කඩලා එහෙම නැත්නම් පතල් වැඩ කරලා. මේ දරුවනුත් ඉගෙන ගන්න හරිම දක්ශයි, උනන්දුයි. ඒක නිසා ඒ දෙමාපියන්ට දැනෙන බර ටිකක් අඩු කරන්න මේ දරුවන්ට මේ පාර තෑගි ප්‍රදානෝත්සවයෙදි සපත්තු කුට්ටමක් බැගින් තෑගි දෙන්න ඕස්ට්‍රේලියාවෙ ඉන්න ශ්‍රී ලාංකික හිතවතුන් ගෙන් උදවුවක් ගන්න පුළුවන් වෙයිද?”.

ළමුන් 289 දෙනෙක් මේ වන විට දහම් පාසලේ අධ්‍යාපනය ලබන අතර වෙළඳ පොලේ තොග මිල අනුව ඔවුන් සියලු දෙනාට සපත්තු ලබා දීමට රුපියල් 250,000 (~AUD 2,100) පමණ වැය වන බව ඇස්තමේන්තු ගත කර ඇත.

මීට පෙර වසර වලදී පූජ්‍ය ගුණරතන ස්වාමීන් වහන්සේ තම පෞද්ගලික වියදමින් සහ විවිධ දානපතියන් ගේ උදවු ඇතිව මෙම සිසුන්ට නිල ඇඳුම් රෙදි කට්ටලය බැගින් තෑගි දීමට කටයුතු කල අතර නිල ඇඳුම් රෙදි ලබා දීමට වඩා සපත්තු ලබා දීමට විශාල පිරිවැයක් වැය වෙන බැවින් උන්වහන්සේ ඔබගේ කාරුණික සහයෝගය මේ සඳහා ඉල්ලා සිටී.

අවශ්‍ය නම් ඔබගේ දුවගේ හෝ පුතාගේ උපන්දිනය සැමරීමට හෝ ඔබ අතරින් වියෝ වූ පවුලේ සමීප ඥාතියෙකුට පින් පැමිනවීමට මේ මාහැඟි සත් ක්‍රියාව යොදා ගැනීමට හැකිය.

ව්‍යාපෘතිය අවසානයේ සියළු ලදු පත්(invoices) ඇතුලත් කර සම්පූර්ණ අයවැය වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

ඔබගේ කාරුණික දායකත්වය ලබා දීමට කැමති නම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය +61 432 900 168 (Anjana).
ආධාර ලබා දීම සඳහා ගිණුම් අංකය.
BSB: 062-692
Acc: 3267 2369.
Please use “shoes+yourname” as the transaction reference.

මේ සඳහා පූජ්‍ය ගුණරතන ස්වාමීන් වහන්සේ ඍජුව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් උන්වහන්සේ ගේ දුරකථන අංකය +94 71 440 1989.
ඇලපාත ශ්‍රී අභිනවාරාම විහාරයේ ෆේස්බුක් පිටුව.
m.facebook.com/abhinawaramaya.

Dear friends,
During my recent visit to Sri Lanka, I met Ven. Bhante Kukulegama Gunarathana who works hard to improve the education status of the children in the Elapatha area of Ratnapura district. He is the head master of Sri Abhinawarama Dhamma school and most students of dhamma school are from poor families. Bhante Gunarathana is organising a campaign to donate school shoes to the disadvantaged children in the area who study at Sri Abhinawarama dhamma school.
In some of the past years Bhante Gunarathana himself and the generous donors of the area donated school unifirm clothing for these disadvantaged children. However the cost of providing school shoes is significantly higher than providing uniform cloths and Bhante Gumarathana expects your kind donations to complete this meritorious act.

The plan is to buy shoes directly from the factory at wholesale prices and the estimated cost of the project is approximately 250,000LKR(around $2,100.00AUD).

A complete budget report including all the invoices will be presented to you at the end of the project.

For your kind donations and any enquiries please contact me (Anjana) on +61 432 900 168.
The account details to donate is,
BSB: 062-692
Acc: 3267 2369.
Please use “shoes+yourname” as the transaction reference.

Bhante Gunarathana’s direct contact number in Sri Lanka is +94 71 440 1989.

Facebook page of Elapatha Sri Abhinawaramaya
m.facebook.com/abhinawaramaya

Hi Anjana malli, great initiative. We should do something about this. Please let me know the best time to call you. Thank you very much for sharing this.
.. ..Well come to Adelaide Sri Lankan Community Site..
Great 👍
.. ..Well come to Adelaide Sri Lankan Community Site..

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews


Adelaide Sri Lankan Community news and event update…

Powered by WPeMatico