දයාබර මිත්‍රවරුනි, ඊයේ රාත්‍රි…

, , Leave a comment

දයාබර මිත්‍රවරුනි,
ඊයේ රාත්‍රියෙන් අප අවසන් කළ 2020 අප සියලු දෙනාටමත්, සියලු ලෝකවාසින්ටත් එක සේ අමතක නොවන වසරක්.
2020 අපට රෝග බිය,සන්ත්‍රාසය,නොයෙක් අහිමි වීම් ( රැකියාව, මුදල්,දෙමව්පිය යාලු මිතුරන්,ව්‍යාපාර )සහ අපේක්ෂාභංගත්වය නොඅඩුවම ලබා දුන්නා.
දීර්ඝ කාලීන සන්ත්‍රාසය සහ අපේක්ෂාභංගත්වය පවත්වාගෙන යා යුතු හොද මානසික තත්ව නොවන බව අපි සැවොම දන්නවා.
එහෙත් පෙර නොවීවිරූ ලෙස උදාවූ මේ අභියෝග අප සියල්ලන්ටම පොදු වූ දරාගැනීමේ හැකියාව,හැඩගැසීමේ සහ අලුත්දේ ඉගෙනගැනීමේ හැකියාව උපයෝගී කරගෙන කෙසේහෝ මැඩපවත්වා ගත්තා.එයට ඕස්ට්‍රේලියානු රජය සහ සෞඛ්‍ය අංශවලින් සිදුකළ මෙහෙය සහ මගපෙන්වීම අති විශාලයි.
අවාසනාවකට 2021 ත් ඒ ගැටලු ඒ ආකාරයටම හෝ වෙනත් විදිහකින් අප වෙත එනබව විශ්වාසයි.
එම නිසා ලැබුවාවු නවවසරේ සියලු දේ යහපත් වෙන බවට ඇති අපේක්ෂාව මුල්කරගෙන, සීයලු දේවල සහ සියලු පුද්ගලයින්ගේ ඇති ධනාත්මක පැත්ත ගැන සිතමින් ආරාක්ෂාකාරී ලෙස කාලය ගත කිරීමට ධෛර්යය ඔබ සියල්ලන්ටම ලැබේවා යැයි මාගේ ප්‍රාර්ථනයයි.

Click here to see full post on FB

#Adelaide #SriLanka #ශ්‍රීලංකා #ඇඩිලේඩ් #CommunityNews